ආපසු යෑමට පෙර සහාය

ඔබ ඔබේ මව් රටට ආපසු යන විට ඔස්ට්‍රියාවේ ආපසු යැවීමේ උපදේශන මධ්‍යස්ථානය ඔබට සහාය වීමට සුදානම්.

ඔබ ආපසු ඔබේ රටට යෑමට උපදේශන ලබා දීමේදී සැලකිලිමත් වන්නේ කුමක්ද?

  • මේ මගින් ආපසු යන ඔබට ඔබගේ මව් රටෙහිදී ඔබට ලබා දෙන සහ කල හැකි දේවල් ගැන විකල්ප මාර්ග ආදිය පිළිබඳව ඔබව දැනුවත් කරනු ලැබේ.
  • ඒ මගින් ඔබ ආපසු නිවසට යන ගමනට සහ ඔබේ මව් රටේදී පළමු වතාවට සහය ලබා ගත හැකි සහ ඔබට ලැබෙන සහය දන්වනු ඇත
  • ඔබට අවශ්‍ය ලිපි ලේඛන ලබා ගැනීමට මේ මගින් උපකාර කරනු ඇත.
  • ඒ සමගම ඔබේ සංචාරය සඳහා වැය වෙන මුදල ගෙවන බව සහතික කරයි.
  • ඔබට මවු රටට යාමට අවශ්‍ය ගුවන් ගමන් සංවිධානය කරනු ලැබේ.
  • ඔබ ඔස්ට්‍රියාව හැර යන විට Wien Schwechat වියනා ගුවන් තොටුපලේදී ඔබට සහාය දක්වයි.
  • ඔබ වෙනත් රටක් හරහා ඔබේ රටට යන්නේ නම් අතරමග ගුවන් තොටුපලක දී ගුවන් යානය මාරු කිරීමට අවශ්‍ය නම් ඒ සදහාද ඔබට සහය වනු ඇත.
  • ඔබේ මව් රට තුළ දී මුලින්ම ආධාර ලෙස ඔබට මුදලක් ලබා දෙනු ලැබේ.
  • මෙරටින් පිටවීමේදී උපදේශනය මගින් ඔබේ සංචාරයට පෙර, අතරතුර සහ පසුව වෛද්‍ය සහාය ලබා ගත හැකිද යන්න පැහැදිලි කරයි.

ඔබේ මවු රටට පැමිණීමෙන් පසු ලැබෙන ආධාර

නැවත ඒකාබද්ධ කිරීමේ වැඩසටහන „EU Reintegration Programme“ (EURP) මගින් ඔබ දේශීය හවුල්කාර සංවිධානයක් සමඟ සම්බන්ධ කර, ඔබ මව් රටේ සමාජයට නැවත ඇතුලත් කිරීම සඳහා ඔබට සහාය ලබා දෙයි.

ක්ෂණික පහසුකම් ලෙස
යුරෝ 615 ක් වටිනා පළමු පැමිණීමේ පැකේජය ඔබේ මව් රටට පැමිණීමෙන් පසු ක්ෂණික සහාය සඳහා අදහස් කරන අතර පහත ක්ෂණික සේවාවන් එයට ඇතුළත් වේ:

  • නැවත ඒකාබද්ධ කිරීමේ හවුල්කරු විසින් ගුවන් තොටුපළේදී සාදරයෙන් පිළිගෙන, පිළිගැනීමේ පැකේජයක් භාරදීම: පෙර ගෙවුම් සිම් කාඩ්පත, සනීපාරක්ෂක නිෂ්පාදන (දත් බුරුසු, දන්තාලේප, සබන්, ෂැම්පු, ආදිය), 1වතුර බෝතලයක්, 1 උණුසුම් ආහාර වේලක් (ආහාර වේලක් ලබා ගැනීමට වවුචරයක් ලෙසද ලබා දිය හැක), ළමුන් සඳහා වයසට ගැළපෙන සෙල්ලම් බඩු.
  • ගුවන් තොටුපළදී ශ්‍රී ලංකාවේ අපගේ නියෝජිතයා ඔබ හමුවීම සහ ඔබගේ ඉදිරි ගමනට සහාය වීම (සංවිධානය සහ වියදම් ගෙවීම)
  • පැමිණීමෙන් පසු දින 3ක් දක්වා තාවකාලික නවාතැන් අවශ්‍යනම් ලබා දීම
  • ක්ෂණික වෛද්‍ය පහසුකම් ලබාදීම

ඔබට ක්ෂණික සේවාවන් කිසිවක් අවශ්‍ය නොවන්නේ නම්, ඔබට දේශීය හවුල්කරුගෙන් € 615 ක සමානුපාතික මුදලක් ලැබෙනු ඇත.

දිගුකාලීන නැවත ඒකාබද්ධ කිරීමේ සහාය
ඔබට යුරෝ 2,000 ක් වටිනා මවු රටට ආපසු පැමිණීමේ පැකේජයක් ද ලැබෙනු ඇත. ඔබ ආපසු පැමිණීමෙන් පසු පළමු මාස 6 තුළ දේශීය හවුල්කාර සංවිධානයේ සහාය ඇතිව සකස් කරන ලද නැවත ඒකාබද්ධ කිරීමේ සැලැස්මක් මත පදනම්ව ඔබට මෙයින් € 200 ක් මුදලින් සහ € 1,800 ක් වටිනා ආධාර ලැබෙනු ඇත.

පසු ප්‍රතිලාභ පැකේජයේ පිරිනමනු ලබන මුදල් නොවන ප්‍රතිලාභවලට ඇතුළත් වන්නේ:

  • කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සහාය වීම
  • අධ්‍යාපනික පියවර සහ පුහුණුව
  • රැකියා වෙළඳපොළට ඇතුල් වීමට සහාය වීම
  • ඔබ කැටුව යන දරුවන් පාසලට ඇතුළත් කර ගැනීමට සහාය වීම
  • නීති සහ පරිපාලන උපදේශන සේවා
  • පවුලේ නැවත එකතු වීම
  • වෛද්‍ය පහසුකම් ලබාදීම
  • මනෝ සමාජීය සහය ලබාදීම
  • නිවාස හා ගෘහ සම්බන්ධ සහාය (නිවසට අවශ්‍ය දේ ලබා දීම)

පළමු පියවර ලෙස, කරුණාකර ඔබේ ප්‍රදේශයේ රැකවරණය සහ උපකාරක සේවා සඳහා ක්‍රියාකරන රජයේ නියෝජිත ආයතනයේ ආපසු යැවීමේ උපදේශන මධ්‍යස්ථානයක් අමතන්න, හෝ ඔවුන් සමග සම්බන්ධතාවයක් ඇතිකර ගන්න.


EU Reintegration Programme

Together with local partners, EURP supports returnees in their reintegration process in their countries of origin. For more information please visit the Frontex brochure, website, or contact a return counsellor.

Frontex Logo

We would like to inform you, that after activating, data will be transferred to the provider. Further information you will find in our data protection policy.

ස්වේච්ඡා වෙන් ආපසු පැමිණීම පිළිබඳ සාමාන්ය තොරතුරු

We would like to inform you, that after activating, data will be transferred to the provider. Further information you will find in our data protection policy.

ඔස්ට්‍රියාවේ සිට ආපසු පැමිණි අය සඳහා නැවත ඒකාබද්ධ කිරීමේ සහාය


Get Return Assistance

Contact us, we help!